Эротические рассказы

මළවුන්ගේ මධ්‍යස්ථානය. Owen JonesЧитать онлайн книгу.

මළවුන්ගේ මධ්‍යස්ථානය - Owen Jones


Скачать книгу
ඔරොත්තු දී තිබිණි. එලෙසම බෝම්බය නිර්මාණය කර තිබුනේ මිනිසුන් ඝාතනයට මෙන්ම ඔවුන්ව අංගවිකල කිරීමේ පරමාර්ථයෙන් විනා ගොඩනැගිල්ලට ව්‍යුහාත්මක හානියක් සිදු නොකිරීමටය.

      පුපුරණ ද්‍රව්‍යය වටකර ඔතා තිබූ මිලිමීටර හයක විෂ්කම්භයකින් යුත් යකඩ බෝල මිනිසුන් විනාශ කිරීමට හා ප්‍රදර්ශන කැබිනට්ටු වල තද වීදුරු පසාරුකර යාමට තරම් බරින් යුක්ත වූ නමුත් බිත්ති හෝ සිවිලිම් පහළට ගෙන ඒමට නොහැකි විය. කෙසේ වෙතත්, බොහෝ අය ඒ ගැන දැන නොසිටි අතර ටෝනි ද එය දැන නොසිටියේය.

      පිපිරීම පිළිබඳ විමර්ශන එදිනම සවස ආරම්භ වූයේ ගබඩාවේ ආරක්ෂක කාර්ය මණ්ඩලය ඔවුන්ගේ කැමරාවල පටිගත කිරීම් පොලිසියට භාර දුන් විට සිද්ධියට වගකිවයුත්තන් සොයා ගැනීමට උත්සාහ කිරීම සඳහාය.

      නිරීක්ෂණ කැමරා, ඉතා පැහැදිලිව පෙනෙන ‘ග්ලිටර් ග්ලෝබ්’ හෙවත් සිවිලිමේ එල්ලා ඇති ගෝල මත සවි කර තිබූ අතර, ඒවා හය බැගින්, සිවිලිමෙන් එල්ලා, ගබඩාව වටා ඇති සෑම අංගයක්ම කැමරාවකින් ආවරණය වන ලෙස සවිකර තිබිණි. සෑම කැමරාවක්ම සෑම විටම පටිගත කර නොතිබුණි. සෑම කැමරාවක්ම ‘ක්‍රියාත්මක’ වුන අතර එකකින් පටිගත කිරීම් ආරම්භ වී තත්පර දහයකට පසු ඊළඟ කැමරා කාචය මගින් පටිගත කිරීම් සිදුවුනි. විවිධ කෝණවලින් සහ විවිධ නාභිගත ස්ථානවලින් ගබඩාවේ සෑම ස්ථානයක්ම පාහේ නිරීක්‍ෂණයට ලක්වන පරිදි ග්ලෝබ් ස්ථාපනය කර තිබූ අතර පටිගතවීම් මාරුවීමද සකසා තිබිණි.

      ෆෙඩරල් පොලිස් නිලධාරීන් විසින් බෝම්බය පිපිරුන මොහොතේ සිට පටිගත කිරීම් පසුපසට ධාවනය කළ අතර, එමගින් බෝම්බකරුගේ රූපය සොයාගෙන, පසුව ඔහු ගබඩාවට ඇතුළු වූ ආකාරය ගැන සොයා බැලීය. ඔහු ගබඩාවට ඇතුළු වන බව ඔවුන් දුටු විට, ඔහුගේ ගමන් මග නිරීක්ෂණය කිරීම පහසු විය. සෑම නිලධාරියෙකුම එකඟ වූයේ, ඔහුගේ ඇඳුම් ආයිත්තම්වලින් නොව, ඔහුගේ හැසිරීමෙන් සැඟවීමට යමක් ඇති බව දැකීමට හැකි


Скачать книгу
Яндекс.Метрика